web analytics

Blog

Blog

Paid Traffic vs Organic Traffic

Things you should know about Paid Traffic & Organic Traffic

අද මේ ලිපියෙන් අපි කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ Paid Traffic සහ Organic Traffic අතර ඇති වෙනස්කම් ගැන. බිස්නස් කරන නොකරන හැමෝටම මේ ගැන දැනගන්න එක වැදගත්. ඒ මොකද කිව්වොත් Marketing කරද්දී ඔයාටම ගැටලුවක් ඇති වෙන්න පූලුවන් ඔයා මොන වගේ Marketing Strategy එකක්ද Use කරන්න ඔනේ කියලා. ඉතින් නොදැන ගිහින් අතරමං වෙන්න කලින් හැමදේම දැනන් ඉන්න එක වැදගත් නේද???

මේ ගැන වැඩිදුර කතා කරන්න කලින් අපි මේ උදහරණය බලලා ඉමු.

ඔයාට පොඩි කඩයක් තියනවා කියලා හිතන්නකෝ. ඔයා මේ කඩේ භාණ්ඩ සහ සේවාවන් විකුණනවා. කොහොමද අපි මේ කඩේට මිනිස්සු ගෙන්න ගන්නේ?? පොඩ්ඩක් හිතන්න බලන්න.

මේ දේ කරන්නේ කොහොමද කියලා අපි කලින් ලියපු ලිපයකත් වැඩි දුර සඳහන් කරලා තියනවා. කලින් ලිපිය කියෙව්වේ නැති අය පහත Link එකට ගිහින් බලන්න.

අපි ආයෙත් අපේ මාතෘකාවට එමු.

ඔයාගේ කඩේ ගම මැද්දේ තියන කඩයක් නම් ඔයාගේ කඩේට ගමේ ඉන්න මිනිස්සු කොහොමත් එනවා බඩු ගන්න. හරියට නිකන් Market එකක් වගේ. අපිට වියදම් කරන්න දෙයක් නෑ. මිනිස්සු ඇවිත් අවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් මිලට ගන්නවා. කඩේ තියනකන්ම ඔයාට පුලුවන් පහසුවෙන් ආදායම් උපයගන්න ඒ හරහා.

දැන් හිතන්නකෝ ඔයාගේ කඩේ තියෙන්නේ ගමේ අන්තිම කොනේ. මිනිස්සු යන එන පාරක නෙමෙයි කියලා. මෙතනදි ඔයාගේ කඩේට මිනිස්සු ගෙන්න ගන්න ඔයාට සිද්ද වෙනවා ගමේ හැම ගලක් කණුවක් ගානෙම පොස්ටර් අලවන්න. එහෙමත් නැතිනම් වෙනත් දැන්වීම් ක්‍රමයක් භාවිතා කරන්න. මේක ඔයාගෙ වයාපාරය පැත්තෙන් ගත්තොත් වියදමක්.

අපි යම් කිසි ගානක් වියදම් කරලා තමයි වායපාරයට කට්ටිය එකතු කරගන්නේ. මෙතනදී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඔනේ. ඒ මොකද කිව්වොත් අපි වියදම් කරන ගානට සරිලන විදියට අපිට වාසියක් වෙන්නත් ඕනේ නිසා. සමහර වෙලාවට අපි අලවපු පෝස්ටර් බලලා ගමේ අය කඩේට එන්නේ නැති වෙන්නත් පුලුවන්. අන්න එහෙම වුනොත් නම් අපිට සිද්ද වෙනවා පාඩු ලබන්න.

හොදයි අපි මේ දේ වෙබ් අඩවි වලට සම්බන්ද කරලා මෙහෙම හිතමු. ඔයාගේ වෙබ් අඩවියක තියන භාණ්ඩ සහ සේවාවන් ඒ හරහා විකිනෙන්න නම් ඔයාගේ වෙබ් අඩවියට මුලින්ම මිනිස්සු ඇවිල්ලා ඒ භාණ්ඩ සහ සේවාවන් දැකගන්න ඕනේ. ඉතින් මිනිස්සු එහෙමත් නැතිනම් Real Traffic එකක් අපේ Web Site එකකට හරි Web Application එකකට හරි ගෙන්න ගන්න අපිට පුලුවන් ආකාර දෙකකට.

1.Using Paid Traffic
ඉතින් මාතෘකාවේ තියනවා වගේම Paid Traffic කියලා කියන්නේ අපි යම් කිසි ගෙවීමක් සිදු කරලා යම් කිසි දේකට Traffic එකක් එහෙමත් නැතිනම් පිරිසක් එකතු කරගන්න එකට.

මේ වෙද්දී ගොඩක් අය Facebook, Google Adwords වගෙ Platforms වල මේ තමන්ගේ Paid Campaigns කරගෙන යනවා. Shopify , Woocommerce Dropshipping ගත්තොත් එහෙම 70% ක් විතර කට්ටිය තමන්ගේ Product එකක් විකුණගන්න , තමන්ගේ Store එකට Traffic එක ගෙන්න ගන්නේ මෙන්න මේ Paid Traffic Platforms use කරලා.

කලින් කිව්වා වගේම සල්ලි වියදම් කරලා කරන නිසා අපිට මේ දේ කරද්දී අවදානමක් තියනවා. ඉස්සර කාලේ වගේ TV, Radio Advertising Methods වල තිබ්බ තරමටම Risk එකක් නොතිබුනත් අපි කරන Campaign එකක් Detailed Target කරලා කළේ නැති වුනොත් නම් අපේ සල්ලි නිකන්ම අපතේ යනවා කියලා මතක තියාගන්න.

ඉතින් හරියටම මේ දේවල් කරගන්න ඔයා මේ වන විටත් දන්නේ නැතිනම් ඔයාට පුලුවන් CMECK අපිව සම්බන්ධ කරගන්න ඔයාගේ Campaign එකට.

ඒ වගේම වැදගත්ම දේ තමා Paid Traffic එකකින් අපිට ඉක්මණ් ප්‍රතිපල ගන්න පුලුවන් ඒ වගේම අපි අපේ Paid Campaign එකක් කරන කාල සීමාව තුල විතරයි අපිට ප්‍රතිපල ලබාගන්නත් පුලුවන්. ඒ කියන්නේ අපිට දිගටම ආදයම් ගන්න නම් අපිට දිගටම වියදම් දරන්නත් සිදුවේවි.

2. Using Organic Traffic
ගොඩක් වෙලාවට Organic Traffic එකක් කියන්නේ Google, Bing වගේ Search Engines වලින් අපේ Web Sites වලට එන Traffic එක ගැන. හිතන්න ඔයා Google එකට ගිහින ලගම තියන Hotels ගැන search කරනවා පොඩි Day Out එකකට විස්තර බලාගන්න කියලා .ඉතින් Search කරාට පස්සේ ඔයා ඒ ඒ වෙබ් සයිට් වලට ගිහින් ඔයාට අවශ්‍ය විස්තර හොයාගන්නවා. එක්කෝ ඒක Contact Number එකක් වෙන්න පුලුවන් , නැතිනම් Day Out Package Details වෙන්නත් පුලුවන්.

ඉතින් ඔයාට මේක නිකන්ම නිකන් Google Search එකක් වුනාට Hotel Web Site Owner ගේ පැත්තෙන් මේ දිහා බැලුවාම මේක ඒ වෙබ් අඩවියට Organic Traffic එකක්.

හිතන්නකෝ දවසකට මේ වගේ කී දෙනෙක් නම් Google, Bing වගේ Search Engines වල ඔයා විකුණන භාණ්ඩ හා සේවාවන් Search කරනවා ඇතිද?

වෙබ් අඩවියක් SEO කරනවා එහෙමත් නැතිනම් Search Engine Optimize කරනවා කියන එකෙනුත් කරන්නේ මේ Organic Traffic එක වැඩි කරන එක. වෙබ් අඩවියක් තිබ්බ පලියටම ඒක Optimized Web Site එකක් වෙන්නේ නෑ. ඒ සඳහා කරන්න ඔනේ දේවල් ගොඩාක් තියනවා.

ඔයාට දැනටමත් Web Site එකක් තියනවා නම් CMECK අපිට පුලුවන් ඔයාගේ Web Site එක SEO කරගන්න උදව් කරන්න.

කොහොම නමුත් අපිට විවිධ ක්‍රම වලින් SEO කරලා අපගේ වෙබ් අඩවියක් Rank කර ගැනීම කරගන්න පුලුවන්. ඒත් ඉතින් කතාවක් තියනවනේ ඉක්මණ් කොටයි කියලාත්. වැරදි ක්‍රම වලින් Organic Traffic ගත්තොත් ඔයාගේ වෙබ් අඩවිය ඉක්මණින්ම Search Engine Result Pages වලින් අයින් කරලා දාන්නත් Search Engines එකට පුලුවන්.

නමුත් නිවැරදි ක්‍රම අනුගමනය කරලා SEO කරන වෙබ් අඩවියක් අපිට දිගු කාලීනව වාසිදායකයි. ඒ වගේම අපිට ගොඩක් කාලයක් ඒ හරහා ආදයම් උපයාගන්නත් අවකාශයක් උදා වෙනවා.

Organic Traffic සහ Paid Traffic සැකෙවින්

1. Paid Traffic වල Advantages කෙටිකාලීන වන අතර Organic Traffic හි Advantages දිගු කාලීන වේ.

2. ඉක්මණ් ලාබ ලබාගැනීමට නම් Paid Traffic ක්‍රමවේද වඩා යෝග්‍ය වේ.

3. Organic Traffic ලබාගැනීමට මුලීකව වියදමක් නොමැති වුවත් Paid Traffic සඳහා මුල සිටම මුදල් යෙදවීමට සිදු වේ.

ඉතින් හොද Traffic එකක් තෝරගන්නේ කොහොමද කියන එකට ඔයාට හොද පිළිතුරක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා.
මේ වගේ තවත් ලිපි ඉදිරියට කියවීමට අපේ Page එක Like කර යහලුවන් සමග මේ ලිපිය Share කර අපිත් සමග දිගටම රැදී සිට්න්න.

Categories

Share This Post

Recent Posts

Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Byc-meck
On
[10 Reasons] Why You must Create an Educational Website
Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට...
Byc-meck
On