web analytics

Blog

Blog

Make your Educational Web Site

[10 Reasons] Why You must Create an Educational Website

Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක්

ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට මේ දේවල් ගොඩක් දැනෙන්නේ නැති වුනත් කොවිඩ්-19 සමඟ තාක්ශණය පොඩ්ඩක් හරි අත පත ගාන්න අපේ මිනිස්සු පුරුදු වුනා. 

සරලම උදාහරණයක් අරගමු , පසුගිය මාස කිහිපයේ වෙච්ච කරදර නිසා පාසලේ පොතට පෑනට සීමාවෙලා තිබ්බ ලාංකික අධ්‍යාපනය දුරකතන, පරිඝනක යෙදවුම් ඔස්සේ මුදාහරින්න බලධාරීන්ට, ඒ වගේම ගුරුවරුන්ට සිදුවුනා. TeamViewer, Microsoft Teams , Zoom , WhatsApp , Skype වැනි යෙදවුම් පාසල් ළමුන්, පෞද්ගලික පන්ති වල සිසුන් අතර ගොඩක් ප්‍රසිද්ධ වුනේ මෙන්න මේ නිසයි. 

ඉතින් මේ තත්වය එන්න කලින් ඉදලම අපි අපේ වැඩ ටික කරගෙන යන්න Student Portals, Educational Web Sites, Institute Web Sites හදලා තිබ්බා නම් මේ තත්වය මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබ්බා , මොකද මේ එකිනෙකට වෙනස් Platform ගොඩකින් කරන දේවල් අපිට එකතැනකට එකතු කරගන්න පුලුවන් නිසා.

ඉතින් අද අපි කතා කරන්නේ Educational වෙබ් අඩවියක් ඇරබීම තුළින් ඔබට අත් වන වාසි සහ පහසුකම් 10ක් ගැන.

1- ඔබගේ පන්ති විෂය, කාලසටහන්, වෙනත් Study Materials ඔබට Web Site එක තුළ Display කල හැක. මෙමගින් වෙබ් අඩවි පරීශීලකයාට ඔබ කරන්නේ කුමක්ද , ඔබගේ පසුබිම ගැන දළ අවබෝධයක් ලබාගත හැකිවේ.

2 – ඔබ දැනටමත් Youtube හෝ වෙනත් එවැනි වීඩීයෝ මගින් ඉගැන්වීම් කරයි නම් ඔබට එම වීඩීයෝ පහසුවෙන් Web Site එක තුළට ඇතුළත් කල හැකිවේ. මෙමගින් පරිශීලකයා හට එක තැනකින් සියලුම දේ බලාගැනීමට හැකිවේ.

3 – ප්‍රශ්න පත්‍ර, ඉගෙනුම් කට්ටල Download කිරීමට හැකිවන සේ Web Site එක තුළම යෙදීමෙන් ඔබට ඒවා Print , Duplo, Photo Copy කිරීමට යන වියදම නැතිවේ.

4 – සිසුන් හට Memberships ලබාදීමට ඇති හැකියාව නිසා ඔබට පන්ති ගාස්තු ඒ ඒ ලෙසම තබාගනිමින් Zoom, Microsoft Team හෝ Skype වැනි Video Conference Tools හරහා ඉගෙන්වීම් කටයුතු කිරිමට හැකිවේ.

5 – Forum වැනි පහසුකම් ලබා දීම තුලින් සිසුන් හට තමන්ට ඇතිවන ප්‍රශ්න, ගැටලු ඉදිරිපත් කිරීමට අවස්තාව ලබාදිය හැක. මෙමගින් ගුරුවරයා සහ සිසුවා තුළ සැබෑ පන්ති කාමරයක් තුල වුවද ඇතිවිය හැකි දුරස්තබාවය අවම වේ.

6 – Online මුදල් ගනුදෙනු ක්‍රමයක් වෙබ් අඩවිය හරහා සම්බන්ද කිරීම මගින් සිසුන් හට පහසුවෙන් තම පන්ති සදහා ගෙවීම් සිදු කළ හැක. තවද මුදල් ගෙවූ බවට තහවුරු කරන කෙටි පණිවිඩයක් බාරකරුවා හට යොමු කිරීම කළ හැක.

7 – Class Attendance වැනි දේවල් Web application එක මගින්ම Manage වන නිසා සාමාන්‍ය පන්ති කාමරයක පවතින Labour Cost එක 75% කින් පමණ අඩු කළ හැකිවේ.

8 – Student Registration වෙබ් අඩවිය තුළින්ම සිදු කළ හැක. එම නිසා කොල පිරවීම් අවම වේ. මෙම Student Data ඔබට පහසුවෙන් ඉදිරි කටයුතු සදහා යොදාගත හැක.

9 – විඩීයෝ මගින් පාඩම් සිදු කරන්නේ නම් එම වීඩීයෝ නැවත නැවත බැලීම තුළින සිසුන් හට මතක ආවර්ජනයට ඉඩ සැලසේ . තවද පන්ති නොපැමිණෙන අවස්තාවක පවා එම වීඩීයෝවන සිසුන්ට ලබාගත හැක.

10 – ඔබ ඉගෙනුම් ආයතනයක හිමිකරුවෙක් නම් තම ආයතනය හා සම්බන්ද සියලු ගුරුවරුන් , ළමයින් පිලිබඳ තොරතුරු එකවර බලාගැනීමට හැකිවේ. පන්ති ගාස්තු මගහරින් සිසුන් මෙන්‍ම ගුරුවරුන් පිලිබදවද මෙමගින් අවදානයට ඉඩ සැලසේ.

ඔබගේ පන්තියට , පන්ති ස්ථානයට මෙම ප්‍රතිලභ ලැබීමට අවශ්‍ය නම් ඔබට පුලුවන් මේ හරහා අපව සම්බන්ධ කරගන්න. 

Contact CMECK now

මෙම ලිපිය හරහා ඔබ අලුත් දැනුමක් ලබාගත්තේ නම් මෙය ඔබගේ යාලුවන් සමඟ Share  කර අප හට සහයෝගය ලබාදෙන්න. තවද මේ සම්බන්ධයෙන් ඔබහට ගැටලු පවතී නම් පහත Comment Section එක හරහා එම ගැටලු අප වෙත යොමු කරන්න.

 

Categories

Share This Post

Recent Posts

Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Byc-meck
On
[10 Reasons] Why You Should Have an eCommerce Website
E-Commerce වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් හැමෝම මේ වෙද්දි Online Business ගැන කතා කරනවා. පසුගිය ගෙවුන මාස කිහිපය...
Byc-meck
On