web analytics

Blog

Blog

Post-4-Sinhala

Digital assets for Your Business

ව්‍යාපාරයක් සතුවිය යුතු Digital Assets

Digital Assets එහෙමත් නැතිනම් ඩිජිටල් වත්කම් , ඔයා අහලා තියනවද මේ ගැන??? අද අපි කතා කරමු ඒ ගැන. ලොකයේ හැමෝටම Digital කියන වචනය අලුත් වචනයක් නෙමෙයිනෙ , ඒ ඇයි කිව්වොත් අපි හැමෝම මේ වෙද්දී ඩිජිටලීකරණය වෙලා ඉවරයි. ඔයා විතරක් නෙමෙයි ඔයාගෙ ව්‍යාපාරයත් මේ වෙද්දී ඩිජිටලීකරණය වෙලා හාමාරයි. ඉතින් මේ වගේ ඔක්කොම ඩිජිටල් වෙලා තියන යුගයක ඔයා Analog (ඇනලොග්) වෙන්න යනවා නම් ඔක්කොම අවුල් වෙනවා. අනිත් එක ඔයා එහෙම වුනොත් ඔයාට ඉදිරියේදී පැවැත්මකුත් නැති වෙලා යනවා.

ඉතින් මේ වගෙ කාලයක ඔයාට Experiment කර කර ඉන්න වෙලාවක් නෑ. මොකද මේ වෙද්දීත් ඔයාගේ Field එකේ ඉන්න අනිත් Business Competitors ලා එයාලගේ Business එක Online කරගෙන යනවා වෙන්න පුලුවන්. ඔයා ඔයගේ Product එකක් එහෙමත් නැතිනම් Service එකක් Digital Promote කරන්නේ නැති නම් පාඩුව වෙන්නේ කාටද ??? අහන්නත් දෙයක් තියනවද , පාඩුව ඔයාගේ. ඔයා Digital Assets use කරන්න කල් ගන්න තරමටම ඔයාගේ Brand එක එහෙමත් නැතිනම් ඔයාගේ Online Presense එක Build up වෙන්න කල් යනවා.

හොඳම උදාහරණයක් කිව්වොත් ඔගොල්ලේ හොදටම දන්න Ikman.lk Web Site එක Deploy කරලා දැනට අවුරුදු 5කට වැඩි . ඒ අවුරුදු 5කට ඒගොල්ලෝ හදාගත්ත Trustworthyness, Publicity එක අලුතෙන් ආපු Web Site එකකට එක පාරටම ගන්න අමාරුයි. අන්න ඒ නිසයි ලංකාවේ මිනිස්සු තමනේ වාහනයක් විකුණගන්න ඇඩ් එක දාන්න යන පළවෙනිම තැන Ikman.lk වෙලා තියෙන්නේ.

ඉතින් ඔයා තවදුරටත් පරක්කු කරන්න කරන්න ඔයාට තියන Ideal Business Oppertunities Miss වෙනවා කියලා මතක තියාගන්න. කතාවක් තියනවානේ අපායට ගියත් කලින් යන්න කියලා. මේකත් අන්න ඒ වගේ දෙයක්

හොදයි මෙතනින් එහාට මම කතා කරන්නේ 2020 අද වෙනකොටත් ඔයාගේ ව්‍යාපාරය සතුවිය යුතු ඩිජිටල් වත්කම් ගැන.

1 – Basic Level එකකින්ම කතා කරන්න ගත්තොත් මේ වෙද්දී ඔයාට Facebook Business Page එකක් තියෙන්නම ඕනේ , හදලා නැතිනම් දැන්ම හදන්න ගන්න. ලොකු දෙයක් නෑ කරන්න, දන්නේම නැති නම් Youtube එක ගහලා බලන්න. සිංහලෙන්ම කරන විදිය ගැන Videos ඇති. එහෙමත් නැතිනම් අපිට Message එකක් දාන්න අපි Professional Page එකක් හදලා දෙන්නම්.
2 – Static Web Site එකක්. මේ තමා අවමය , ඔයාට පුලුවන් මෙතනින් එහාට ගිහින් තමන්ටම කියලා Web Store එකක් හදාගන්න. අඩුම ගානේ වෙබ් සයිට් එකේ ඔයා ගැන විස්තර , විකුණන භාණ්ඩය ගැන විස්තර , Contact Numbers , Reviews වගේ දේවල් ටිකක් දාගෙන වෙබ් සයිට් එක හදාගන්න. මේ දේවල් නිවැරදිව දැම්මාම Customer ට ඔයා ගැන ලස්සන Image එකක් Create වෙනවා.
3 – Youtube Channel එකක්. දැන් මේ වෙද්දී හැමෝම Reading වලට වඩා Watching වලට හුරුවෙලා ඉවරයි . Videos ටිකක් එක්ක ඔයාගේ Product Review එකක් දාලා තියන Youtube Channel එකක් තියනවා නම් පංකාදු පහයි , මොකද Video එක බලලා ඔයාට හිතාගන්නවත් බැරි Leads Generate වෙනවා.
4 – Google Business Place. මේ වෙද්දීත් තාම ඔයාගේ Business Place එක Google Map එකේ වැටිලා නැතිනම් තෙරුමක් නෑ. මොකද කිව්වොත් මේක රත්තරන් වලටත් වඩා වටින Business Asset එකක්. තමන්ගේ Business Place එකත් Google Map එකට දාගන්න ඒ නිසා කොහොමහරි.

මේ වෙද්දිත් මේ දේවල් නැති ලංකාවේ Businesses ඔනේ තරම් ඇති , එගොල්ලෝ Business කරනවාත් ඇති , ඒත් මතක තියාගන්න ඔයාලට පහසුවෙන්ම ලගාවෙන්න පුලුවන් Audience එකක් ඔයාල මිස් කරගෙන කියල.

ඉතින් Digital Assets ගැන කතා කරන ලිපිය මෙතනින් ඉවර කරනවා. Digital Assets ගැන ඔයා දන්න දේවලුත් ගොඩක් ඇති. සමහර විට ඔයා මේ දේවල් කරන කෙනෙකුත් වෙන්න ඇති. ඔයාගේ Business එකට මේ වෙද්දීත් මේ ඔක්කොම Assets තියනවා නම් පහල ‘YES’ කියලා comment කරන්න. ඔයා මේ දේවල් ගැන මුකුත්ම දන්නේ නැතිනම් , ඔයාට මේ Asset එකක් හරි නැතිනම් ‘NO’ කියලා comment කරන්න. අපි ඔයාට උදව් කරන්නම්. මේ පිලිබදව තියන සියලුම ගැටලු කතා කරමු පහල තියන Comment Section එකෙන්.

Categories

Share This Post

Recent Posts

Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Byc-meck
On
[10 Reasons] Why You must Create an Educational Website
Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට...
Byc-meck
On